Wednesday, August 29, 2018

- වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටත් හර්නියා රෝගය වැළදෙන බව ඔබ දන්නවාද..?

හර්නියා යනු වැඩිහිටි පුරුෂයන්ට පමණක් හැදෙන රෝගයක් කියලයි බොහෝ දෙනෙක් සිතන්නේ. ඒත් සත්‍යය
එය නොවෙයි. හර්නියා අලුත උපන් බිලිඳුන්ටත්, කාන්තාවන්ටත් පමණක් නොව ඕනෑම වයස් කාණ්ඩයක
පුද්ගලයකුට හටගත හැකියි. උදර කුහරයේ ඇතුළත බිත්ති දුර්වල වීමෙන් ඒවා හරහා කුස තුළ ඇතිවන පීඩනය
වැඩි වී එම දුර්වල වූ ස්ථානවලින් බඩවැල් ඇතුළට නෙරා ඒම හර්නියා යනුවෙන් හැඳින්වේ. 

*උදර බිත්තියේ ඇතුළත ස්ථරය දුර්වල වීමට බලපාන හේතු

*
සති තුනකට හෝ හතරකට වැඩි කාලයක් පවතින වියළි කැස්ස.

බඩ වේළීම දිගු කලක් පැවතීම.

මුත්‍රා අඩස්සිය හෝ මුත්‍රා කිරීමට තැටමීමට සිදුවීම සහ මළපහ කිරීමට ද තැටමීමට සිදු වීම.

*තැටමීමෙන් කුස තුළ පීඩනය වැඩි වී උදරයේ බිත්ති දුර්වල බවට පත්වේ.*

දුම්බීම, දුම්බීමෙන් උදර බිත්තියේ ශක්තිමත් බව අඩු වේ. එමෙන්ම දුම්පානය කරන පුද්ගලයන්ට කැස්ස ඇති
වන හෙයින් ඔවුන්ගේ උදර බිත්තියෙහි ‍මස්පිඩු දුර්වල වේ.

සංජානනීය ආබාධ හෙවත් උපතින් එන දුර්වලතා

ඇතැමුන්ගේ ඉකිලිය සහ පෙකණිය අවට ඇතුළත බිත්ති උපතින්ම දුර්වලව පිහිටයි. කාන්තාවන් ගර්භණී සමයේදී
කුස තුළ හා පෙකණිය අවට ඇතුළත සම ඇදී තුනී වෙයි. ඒ හේතුවෙන් ඇතැම්විට කාන්තාවන්ට හර්නියා
රෝගය හටගනී.

ඇතැම් පිරිමි දරුවන් මව් කුස තුළ සිටිය දී ඔවුන්ගේ වෘෂණ කෝෂ පහළට එනවිට ඇතිවන විවිධ
අසාමාන්‍යතා හේතුවෙන් එම දරැවන්ට උපතේදීම හර්නියා තත්ත්වයක් ඇති විය හැකියි.

*අධික බර ඉසිලීම*
අධික බර ඔසවන පුද්ගලයන්ගේ මාංශ පේශී දුර්වල වූවිට හර්නියා ඇති විය හැකියි.

*හර්නියා තත්ත්වය වැඩිපුර ඇතිවන සිරැරේ ස්ථාන*
පිරිමින්ගේ නම් ඉකිලි දෙක ආශ්‍රිත ප්‍රදේශයේ.

කාන්තාවන්ගේ සහ ළමයින් ගේ පෙකණිය ආශ්‍රිතව.

*රෝග ලක්ෂණ*
ඉකිලිය හෝ පෙකණිය අවට හෝ පිටතට නෙරා එන ගෙඩියක් ‍හෝ නෙරුමක්. මෙම ගෙඩිය වේදනාකාරී වේ.
එය ඉඳ හිට නැඟෙන සියුම් වේදනාවක් විය හැකිය.

බර ඉසිලීමේදී හෝ දිගු වේලාවක් හිටගෙන සිටිනවිට මේ වේදනාව වැඩියෙන් දැනේ. හාන්සි වූවිට ගෙඩිය
ශරීරය තුළට ගොස් වේදනාව ද මඳකට සමනය වේ. රෝග ලක්ෂණ එසේ වරින් වර මතුවී තිබී හදිසියේම
උත්සන්න වීමට පුළුවන.

*දැකිය හැකි විශේෂ ලක්ෂණ*
පුරුෂයින්ගේ වෘෂණ කෝෂ විශාල වීම මෙන්ම ස්ත්‍රීන්ගේ ලිංගේන්ද්‍රිය විශාල වීමක් දැඩි වේදනාවක් ඇති
වීමටත් පුළුවන්. කුඩා ළමයින්ගේ පෙකණිය ගෙඩියක් සේ ඉලිප්පී තිබීම හා වේදනාව ඇති විය හැකියි.

*හර්නියා ගෙඩියක් ඇති වීමෙන් සිරුර තුළ ඇති වන තත්ත්වය*
සාමාන්‍යයෙන් අප ගන්නා ආහාර බඩවැල් දිගේ පහසුවෙන් ගමන් කරනවා. හර්නියා තත්ත්වයක් ඇති වූවිට
ආහාර මාර්ගයේ අවහිරතා ඇති වෙනවා. එවිට ආහාර මාර්ගය දිගේ අප ගත් ආහාර ආපසු එන්නට පටන්
ගන්නවා.

එවිට වමනය යාම, බඩ වේළීම, මළපහ ප්‍රමාණය අඩුවීම, බ‍ඩේ වේදනාව ඇති වෙනවා. මේවා
රෝගය උග්‍ර වී හදිසි අවස්ථාවක ඇති විය හැකි ලක්ෂණයි.

වකුගඩුවල ගල් හැදෙන්නේ මෙහෙමයි

ජීවිත කාලය තුළ දී කෙනකුට දරන්නට බැරි තද වේදනාවක් ගෙන දෙන රෝගයක් හැටියට වකුගඩු ගල්
ඇතිවීම පෙන්වා දිය හැකියි. වකුගඩු ගල කුඩා නම් වඩාත් පහසුවෙන් ශරීරයෙන් බැහැර කරගන්නට පුළුවන.
නමුත් එය විශාල එකක් නම් ශරීරයෙන් බැහැරවීමේදී මුත්‍රාවාහිනී අවහිරවීම වැනි නොයෙකුත්
සංකූලතාවයන්ට මුහුණදීමට සිදුවෙයි. සමහරවිට සැත්කම් කරන්නටත් සිදුවෙයි..

*රෝගයට හේතු*
කෙනකුගේ මුත්‍රාවල සාන්ද්‍රණය වැඩි නම් ගල් සෑදීමේ හැකියාව වැඩි වේ. මේ තත්ත්වයට මූලික
හේතුව වකුගඩුවල පෙරීමේ රාජකාරියට අත්‍යාවශ්‍ය ජලය ඇති තරම් සිරුරට නොලැබීමයි.

බොහෝමයක් වකුගඩු ගල් කැල්සියම් වලින් සෑදී ඇත. සමහරවිට සිරුරේ කැල්සියම්, ඔක්සලේට්, යූරික් අම්ලය
වැනි සංඝටක සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩිවන රෝග ඇත. මෙවැනි අයට ගල් සෑදීමේ ප්‍රවණතාවය
වැඩියි.

සමහර ඖෂධ නිසාද වකුගඩු ගල් සෑදීමේ අහිතකර ගුණාංග පවතී. උදා – සමහර පිළිකා ඖෂධ, ඒඩ්ස්
රෝගීන්ට ලබාදෙන සමහර ඖෂධ, ඇතැම් මුත්‍රා පෙති

*වකුගඩු වේදනාව*

වකුගඩුවක ගලක් හිරවී තිබුණොත් යටිබඩ ප්‍රදේශයෙන් විටින් විට වේදනාවක් දැනීමට ඉඩ තිබේ. හදිසියේම
ඇතිවන එම වේදනාව තියුණු එකක් බවට පත්වී කාලයත් සමඟ වඩාත් නරක අතට පත්වෙන්නට පුළුවන.
යමෙකුගේ ජීවිත කාලය තුළ දැරිය හැකි දරුණුම වේදනාවක් ලෙසද එය හඳුන්වන්නට හැකියාව තිබේ. එම
වේදනාව ඉකිලි ප්‍රදේශයෙන්, ජනනේන්ද්‍රියෙන් සහ පසුපස ප්‍රදේශයෙන්ද දැනෙන්නට හැකිය.

මෙම වේදනාත්මක තත්ත්වය නොනැවතී දිගටම පැවතීමට හෝ විටින් විට නැවත පැමිණීමටද ඉඩ තිබේ.
වකුගඩු තුළ එම ගල් එහා මෙහා ගමන් කිරීම නිසා දහඩිය දැමීම සහ දරාගත නොහැකි දරුණු වේදනාවක්
ඇතිවී ඔබ දැඩිව රෝගාතුර විය හැක. ඉරියව් මාරුකරමින් කුමන ඉරියව්වකින් සිටියත් එම වේදනාව
නොනැසීම පවතී.

*මුත්‍රා සමඟ ලේ පිටවීම*
මුත්‍රා සමඟ ලේ පිටවීම වකුගඩු ගල් රෝගයේ පොදු ලක්ෂණයකි. මුත්‍රා කරන විට මුත්‍රාවාහිනීවල එම
ගල් ඇතිල්ලීම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස මුත්‍රාවාහිනීවලට හානි සිදුවී මුත්‍රාවල වර්ණය රතු හෝ ලා
රෝස පැහැයක් ගැනීම එහිදී ඇත්තටම සිදුවෙයි.

*ආසාදන*
මුත්‍රා කරන විට වේදනාවක් දැනීම මුත්‍රා මාර්ග ආසාදන තත්ත්වයේ ප්‍රධානම රෝග ලක්ෂණයයි.
එසේ වුණත් වකුගඩු ගල් තත්ත්වයකදීද සුළු වශයෙන් හෝ වේදනාවක් ඇතිවෙන්නට පුළුවන් බව හොඳින් මතක
තබාගන්න.

*වමනය  සහ ඔක්කාරය*

වකුගඩු නිවැරදිව ක්‍රියාත්මක නොවෙන විට වමනය කිරීම මගින් ශරීරයේ ඇති අපද්‍රව්‍ය බැහැර කිරීමට
ශරීරය උත්සාහ කරයි.

මුත්‍රා කරන විට විටින් විට වේදනාවක් දැනීම වකුගඩු ගල් රෝගී තත්ත්වයේ පොදු සහ පූර්ව ලක්ෂණයක්
ලෙස හැඳින්වෙයි.

මේ ඉහත සඳහන් කරනු ලැබූ ලක්ෂණ ඔබ තුළ දිස්වෙනවා නම් වහාම වෛද්‍යවරයකු වෙත යොමුවීම කළ යුතුයි.

*ප්‍රතිකාර*
විශේෂ එක්ස්රේ පරීක්ෂණ හා ස්කෑන් මගින් වකුගඩු ගල් හඳුනාගත හැක. ඉහත රෝග ලක්ෂණ ඇත්නම්
සුදුසුකම්ලත් වෛද්‍යවරයකු සමඟ සාකච්ඡා කර, පහසුකම් සහිත රෝහලකට ඇතුළු වී නිසි ප්‍රතිකාර ලබාගත
හැක. වකුගඩු ගල් සඳහා ලේසර් ප්‍රතිකාර, නොයෙකුත් තරංග ප්‍රතිකාර හා ශල්‍යකර්ම ඇත.

බොහෝවිට සෑදෙන වකුගඩු ගල් කුඩා නිසා ඒවා දින කිහිපයකින් මුත්‍රා සමඟ පිටවී යයි. මේ සඳහා
හොඳින් ජලය හා දියර පානය වැදගත් වන අතර වේදනා නාශක ඖෂධ අවශ්‍ය වේ.

*රෝගය වළක්වා ගැනීම*

ඔබට වරක් වකුගඩු ගල් ඇතිවූයේ නම්, නැවත එසේ ඇතිවීමේ හැකියාවක් ඇත. එම නිසා දියර වර්ග හෝ
ජලය හොඳින් පානය කිරීමෙන් මුත්‍රාවල සාන්ද්‍රණය අඩුකර ගැනීමෙන් මෙම ප්‍රවණතාව අඩුකරගත
හැක. ඒ සඳහා දිනකට වතුර වීදුරු 8 ක්වත් පානය කිරීම සුදුසුය.

*වෛද්‍ය චන්දන ධර්මරත්න *
*කළුබෝවිල ශික්ෂණ රෝහල*

This Cow Looks Like She's From Outer Space

Unfortunately, the owner does not know the cow's breed. She was bought at an auction a few years ago.
Pictures of Celeste (and her baby) were shared on Reddit. The post has more than 60,000 likes.

Maybe this is what happens when a cow really does jump over the moon.

Tuesday, August 14, 2018

සම්පුර්ණ Video මෙතනින්...http://destyy.com/wKnVps,Click here

Thursday, August 2, 2018

Lap ekak thiyei bn vikunanna set karapan... Full packing ekak.... Warranty nam nee.... Hp i5.... Windows 10 gahala thiyenne original.... kaden ganna giyoth 90k vithara wenawa bn.... 80k vithara awalk na.... Features:-1TB Hard,8GB DDR4 Ram,windows 10,15.6" HD LED Display,AMD Dual core Processor........ Full packing bn....වැඩි විස්තර මෙතනින් ....

- වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටත් හර්නියා රෝගය වැළදෙන බව ඔබ දන්නවාද..?

හර්නියා යනු වැඩිහිටි පුරුෂයන්ට පමණක් හැදෙන රෝගයක් කියලයි බොහෝ දෙනෙක් සිතන්නේ. ඒත් සත්‍යය එය නොවෙයි. හර්නියා අලුත උපන් බිලිඳුන්ටත්, කාන්තා...