Wednesday, August 29, 2018

- වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටත් හර්නියා රෝගය වැළදෙන බව ඔබ දන්නවාද..?

හර්නියා යනු වැඩිහිටි පුරුෂයන්ට පමණක් හැදෙන රෝගයක් කියලයි බොහෝ දෙනෙක් සිතන්නේ. ඒත් සත්‍යය
එය නොවෙයි. හර්නියා අලුත උපන් බිලිඳුන්ටත්, කාන්තාවන්ටත් පමණක් නොව ඕනෑම වයස් කාණ්ඩයක
පුද්ගලයකුට හටගත හැකියි. උදර කුහරයේ ඇතුළත බිත්ති දුර්වල වීමෙන් ඒවා හරහා කුස තුළ ඇතිවන පීඩනය
වැඩි වී එම දුර්වල වූ ස්ථානවලින් බඩවැල් ඇතුළට නෙරා ඒම හර්නියා යනුවෙන් හැඳින්වේ. 

*උදර බිත්තියේ ඇතුළත ස්ථරය දුර්වල වීමට බලපාන හේතු

*
සති තුනකට හෝ හතරකට වැඩි කාලයක් පවතින වියළි කැස්ස.

බඩ වේළීම දිගු කලක් පැවතීම.

මුත්‍රා අඩස්සිය හෝ මුත්‍රා කිරීමට තැටමීමට සිදුවීම සහ මළපහ කිරීමට ද තැටමීමට සිදු වීම.

*තැටමීමෙන් කුස තුළ පීඩනය වැඩි වී උදරයේ බිත්ති දුර්වල බවට පත්වේ.*

දුම්බීම, දුම්බීමෙන් උදර බිත්තියේ ශක්තිමත් බව අඩු වේ. එමෙන්ම දුම්පානය කරන පුද්ගලයන්ට කැස්ස ඇති
වන හෙයින් ඔවුන්ගේ උදර බිත්තියෙහි ‍මස්පිඩු දුර්වල වේ.

සංජානනීය ආබාධ හෙවත් උපතින් එන දුර්වලතා

ඇතැමුන්ගේ ඉකිලිය සහ පෙකණිය අවට ඇතුළත බිත්ති උපතින්ම දුර්වලව පිහිටයි. කාන්තාවන් ගර්භණී සමයේදී
කුස තුළ හා පෙකණිය අවට ඇතුළත සම ඇදී තුනී වෙයි. ඒ හේතුවෙන් ඇතැම්විට කාන්තාවන්ට හර්නියා
රෝගය හටගනී.

ඇතැම් පිරිමි දරුවන් මව් කුස තුළ සිටිය දී ඔවුන්ගේ වෘෂණ කෝෂ පහළට එනවිට ඇතිවන විවිධ
අසාමාන්‍යතා හේතුවෙන් එම දරැවන්ට උපතේදීම හර්නියා තත්ත්වයක් ඇති විය හැකියි.

*අධික බර ඉසිලීම*
අධික බර ඔසවන පුද්ගලයන්ගේ මාංශ පේශී දුර්වල වූවිට හර්නියා ඇති විය හැකියි.

*හර්නියා තත්ත්වය වැඩිපුර ඇතිවන සිරැරේ ස්ථාන*
පිරිමින්ගේ නම් ඉකිලි දෙක ආශ්‍රිත ප්‍රදේශයේ.

කාන්තාවන්ගේ සහ ළමයින් ගේ පෙකණිය ආශ්‍රිතව.

*රෝග ලක්ෂණ*
ඉකිලිය හෝ පෙකණිය අවට හෝ පිටතට නෙරා එන ගෙඩියක් ‍හෝ නෙරුමක්. මෙම ගෙඩිය වේදනාකාරී වේ.
එය ඉඳ හිට නැඟෙන සියුම් වේදනාවක් විය හැකිය.

බර ඉසිලීමේදී හෝ දිගු වේලාවක් හිටගෙන සිටිනවිට මේ වේදනාව වැඩියෙන් දැනේ. හාන්සි වූවිට ගෙඩිය
ශරීරය තුළට ගොස් වේදනාව ද මඳකට සමනය වේ. රෝග ලක්ෂණ එසේ වරින් වර මතුවී තිබී හදිසියේම
උත්සන්න වීමට පුළුවන.

*දැකිය හැකි විශේෂ ලක්ෂණ*
පුරුෂයින්ගේ වෘෂණ කෝෂ විශාල වීම මෙන්ම ස්ත්‍රීන්ගේ ලිංගේන්ද්‍රිය විශාල වීමක් දැඩි වේදනාවක් ඇති
වීමටත් පුළුවන්. කුඩා ළමයින්ගේ පෙකණිය ගෙඩියක් සේ ඉලිප්පී තිබීම හා වේදනාව ඇති විය හැකියි.

*හර්නියා ගෙඩියක් ඇති වීමෙන් සිරුර තුළ ඇති වන තත්ත්වය*
සාමාන්‍යයෙන් අප ගන්නා ආහාර බඩවැල් දිගේ පහසුවෙන් ගමන් කරනවා. හර්නියා තත්ත්වයක් ඇති වූවිට
ආහාර මාර්ගයේ අවහිරතා ඇති වෙනවා. එවිට ආහාර මාර්ගය දිගේ අප ගත් ආහාර ආපසු එන්නට පටන්
ගන්නවා.

එවිට වමනය යාම, බඩ වේළීම, මළපහ ප්‍රමාණය අඩුවීම, බ‍ඩේ වේදනාව ඇති වෙනවා. මේවා
රෝගය උග්‍ර වී හදිසි අවස්ථාවක ඇති විය හැකි ලක්ෂණයි.

No comments:

Post a Comment

- වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටත් හර්නියා රෝගය වැළදෙන බව ඔබ දන්නවාද..?

හර්නියා යනු වැඩිහිටි පුරුෂයන්ට පමණක් හැදෙන රෝගයක් කියලයි බොහෝ දෙනෙක් සිතන්නේ. ඒත් සත්‍යය එය නොවෙයි. හර්නියා අලුත උපන් බිලිඳුන්ටත්, කාන්තා...