Sunday, July 29, 2018

 "හැම දේකටම වඩා මම ආදරය කරන කෙනා මම වෙනුවෙන් කාලය වෙන් කරන එකයි මට වටින්නෙ"  - දුෂේනි 


*මේ ක්‌ෂේත්‍රයේ මම හදාගත්ත දේ නැතිකරගන්නෙ නැහැ. *
*ආදරයෙන් සාමයෙන් ජීවත්වෙන්න බාහිර පෙනුම විතරක්‌ තිබිලා මදි.



*

දුෂේනි මියුරංගි කියන්නේ කා අතරත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියක්. ඇය පසුගිය වසරේ 'miss world sri lanka 'කිරුළ දිනා ගැනීමටද සමත්වුණා.

කෙසේ වෙතත් අනෙක් නළු නිළියන් මෙන් නොව පුංචි තිරයේ අහිංසකම පෙම්වතිය ලෙසද ඇය දැන් කා
අතරත් කතාබහට ලක්වෙලා. ඇය මේ සියලු තොරතුරු ඇය සති අන්ත පුවත් පතකට හෙළිකර තිබුනේ මෙහෙමයි.

*දුෂේනි පාසල් වියේ ජනප්‍රිය චරිතයක්‌ව සිටියද?

*
පාසල් වියේදී නම් මම හරිම ලැඡ්ජාශීලී ළමයෙක්‌. ඉස්‌කොලෙ ළමයි අතර මම කැපී පෙනෙන කෙනෙක්‌
වෙලා හිටියෙ නැහැ. හැබැයි ඉස්‌කෝලෙ උත්සවවලදී නම් නර්තන අංගවලට ඉඳලා තියෙනවා.

*හා හා පුරා කියලා දුෂේනි දෙස ආදර බැල්මක්‌ වැටුණෙ?*

මම අටේ පන්තියේ විතර ඉද්දි. එතකොට මම අටේ පන්තියේ අපේ ඉස්‌කොලෙ එකොළහේ පන්තියේ අයියා
කෙනෙක්‌ මගේ පස්‌සෙන් එන්න ගත්තා. ඒක මට අලුත් අත්දැකීමක්‌ නිසා ඒ ගැන අදටත් මගේ මතකයේ
රැඳිලා තියෙනවා. කොහොම හරි මේ විදිහට ආදරය ඉල්ල ඉල්ල පස්‌සෙන් ආපු එයාව මට කරදරයක්‌
වුණා. ඒ දවස්‌වල මගේ පන්ති භාර ටීචර් අපේ නැන්දා එයාට මේ ගැන කියලා තමයි ඒ ප්‍රශ්නය
විසඳගත්තෙ.

*පාසල් වියේ දුෂේනිගේ හිත නැවතුන ආදර මතකය අවදි කළොත්?*

මම ගොඩක්‌ම අපේ අම්මටයි තාත්තටයි සමීප කෙනෙක්‌. මම තාත්තට ගොඩක්‌ සමීප නිසා මට පිටස්‌තර
කෙනකුගේ ආදරයක අඩුවක්‌ දැනුනෙ නැහැ. අනිත් කාරණය අම්මයි තාත්තයි මාව ඉස්‌කෝලෙට ඇරලවනව.
ඉස්‌කෝලෙන් ගන්න එනවා. ඒ නිසා ආදර සබඳතාවක්‌ පටන්ගන්න මට ඉඩ ලැබුණෙ නැති තරම්. හැබැයි
පොඩි පොඩි ආදර ඇරයුම් තිබිලා තියෙනවා. හැබැයි ඒවා දුර ගිය ආදර කතා නෙවෙයි.

*ජනප්‍රිය චරිතයක්‌ වුණාට පස්‌සෙ. ඒ විදිහට දෙමාපිය හෙවණට මුවාවෙලා ආදරයෙන් වසන් වෙන්න
දුෂේනිට පුළුවන් වුණාද?*

සෝෂල් මීඩියාවලින් එක එක දේවල් එනවා. ජනප්‍රිය වුණහම එහෙම ආදර යොජනා එන එක සාමාන්‍ය
දෙයක්‌නෙ. මටත් එවැනි ආදර ඇරයුම් ලැබිලා තියෙනවා.

*දුෂේනිගේ හිත හොරාගත් ආදරය ගැන කතා කරමු නේද?

*
අපිට මුලින්ම ආදරය ලැබෙන්නෙ අම්මගෙනුයි තාත්තගෙනුයි, ඒක තමයි ලෝකයේ තියෙන වටිනාම ආදරය. ඊට
පස්‌සෙ සහෝදර සහෝදරියන්ගෙ ආදරය අපිට ලැබෙනවා. ඊට පස්‌සෙයි පෙම්වතෙක්‌ගේ හෝ සැමියකුගේ
ආදරය අපිට ලැබෙන්නේ. සැමියකුගේ ආදරය ජීවිතයට විටිනවා. අපි ජීවිතයට සහකාරයෙක්‌ තෝරගත්දී
ගොඩක්‌ හිතන්න වෙනවා. අපිට නිවැරදි කෙනෙක්‌ හමුවුණොත් අපිට අපේ ජීවිතය තවත් ඉදිරියට යන්න
පුළුවන් වෙනවා. අපිව තේරුම්ගන්න බැරි විශ්වාස කරන්න බැරි කෙනෙක්‌ හමුවුණොත් අපිට ජීවිතයේ ඉදිරියට
යනවට වඩා ආපස්‌සට යන්නයි වෙන්නෙ.

*දුෂේනි මේ හැම දෙයක්‌ ගැනම හිතාමතලද ආදරය කරන්න පටන් ගන්නෙ?*

වැරදි තීරණ අරන් ජීවිතයම බිඳවැටුණ අය ඉන්නවා. ඒ නිසායි මම මට කෙනෙක්‌ තෝරගන්න ගොඩක්‌
කාලයක්‌ ගත්තෙත්.

*ආදරයෙන් ළඟින් ඉන්න තෝරගන්න කෙනෙක්‌ගෙන් දුෂේනි පැතුවෙ මොනවගේ හැඩහුරුකම්ද?*

ඉස්‌සර ඉඳන්ම මම ගෙදර අයට කිව්වෙ, මම කවද හරි විවාහවෙන කෙනා අඩි හයක්‌ විතර උස වෙන්න
ඕනෑ, හොඳ පෙනුමක්‌ තියෙන්න ඕනෑ කියලා. හැබැයි මම වයසෙන් වැඩෙත්ම මට තේරුම් ගියා දෙන්නකුට
ආදරයෙන් සාමයෙන් ජීවත්වෙන්න බාහිර පෙනුම විතරක්‌ තිබිලා මදි තව ඉන් එහා ගිය දේවල් ගොඩක්‌
තියෙනවා කියලා.

*දුෂේනි ආදරයෙදී මොන වගේ කෙනෙක්‌ද?*

මම ආදරයේදී සියයට සියයක්‌ හැඟුම්බරයි. සමහර අය බොළඳයි කියන්නෙ අන්න ඒ තරමටම පුංචි දේකිනුත්
මගේ ඇස්‌වලට කඳුළු එනවා. මට ආදරයෙදී දැඩි තීරණ ගන්න බැරි කෙනෙක්‌. මම ගැටුම්වලට යන්නෙ
නැති කෑ කෝ ගහන්නෙ නැති ගොඩක්‌ ඉවසන කෙනෙක්‌. මම ආදරයෙදී ඉවසීමෙන් බලාගෙන ඉන්න විදිහේ
චරිතයක්‌.

*ආදරය වෙනුවෙන් කැපකිරීම් කරන්න දුෂේනිගෙ හිත සූදානම්ද?

*
කාන්තාවක්‌ විදිහට මම මගේ ජීවිතයට සීමාවන් දාගෙන තියෙන්නෙ. ඒක මට මගේ අම්මා තමයි කියලා
දිලා තියෙන්නෙ. ඒ සීමාවන් ඇතුළෙ මම ආස කරන රැකියාවක්‌ මට ලැබුණා. ඒ තමයි මේ නිළි වෘත්තිය.
මේ ක්‌ෂේත්‍රයේ මම හදාගත්ත දේ නැතිකරගන්නෙ නැහැ. හැබැයි කවදා හරි මම විවාහවෙන කෙනා
අපේ පවුල් ජීවිතයෙ යහපතට සීමාවන් දැම්මොත් මම ඒකට එකඟ වෙනවා. මොකද කාන්තාවක්‌ විදිහට මම
කැමති හොඳ පවුල් ජීවිතයක්‌ ගෙවන්නයි.

*අද හැම දෙයක්‌ම හරිම ඉක්‌මනින් පටන් ගන්නවා වගේම ඊටත් වඩා ඉක්‌මනින් බිඳී යනවා. මේ
පසුබිමේ දුෂේනි තමන්ගේ ආදරය දිහා බලන්නෙ?*

ඔය තත්ත්වය අද සමාජයේ හරියට දකින්න ලැබෙන දෙයක්‌. අද යාළුවෙනවා, හෙට කසාද බඳිනවා,
අනිද්දා ඩිවෝස්‌ වෙනව. සබඳතාවක්‌ තියාගන්න දෙදෙනාගෙන් එක්‌කෙනක්‌ ළඟ හරි හොඳ ඉවසීමක්‌
තියෙන්න ඕනෑ. සෝෂල් මීඩියාවලින් අද හායි කියලා යාළුවෙනවා හෙට බායි කියලා වෙන්වෙනවා. මේ
සංස්‌කෘතිය දිගු කාලයක්‌ තියෙන එකක්‌ නැහැ කියලයි මම හිතන්නෙ.

*තිරයේ අහිංසක පෙම්වතියට ද දුෂේනි වඩාත් පෙම්කරන්නෙ?

*
මට රඟපාන්න ලැබුණ ටෙලි නාට්‍ය හතරෙමත් චිත්‍රපටයෙත් මම රඟපෑවේ අහිංසක පෙම්වතියගේ චරිතය.
මම කැමතියි අහිංසක පෙම්වතියගෙ චරිතයට. ඒ තුළින් අපිට ප්‍රේක්‌ෂකයන්ට සමීප වෙන්න පුළුවන්.

*දුෂේනි ආදර හිතේ නිධන්ව තියෙන ආදර සැමරුම් මොනවද?

*
තෑගි බෝග කියන දේට අපි කව්රුත් ආසයි. ඒත් ඒ හැම දේකටම වඩා මම ආදරය කරන කෙනා මම
වෙනුවෙන් කාලය වෙන් කරන එකයි මට වටින්නෙ. මම ආදරය කරන කෙනා මගේ 22 වැනි උපන්දිනයෙදී
මට අපූරු තෑග්ගක්‌ දුන්නා. එයා මා වෙනුවෙන් මට රහසින් මම ඉන්න තැන පුංචි උපන්දින සාදයක්‌
සැලසුම් කරලා තිබුණා මම නොදැනුවත්ව. එදා ඒ දේ වෙනුවෙන් මම හරියට හැඟුම්බර වුණා. මගේ
ඇස්‌වලට කඳුළු ආවා. මං වෙනුවෙන් කෙනෙක්‌ ඒ විදිහට කාලය වෙන් කළා කියන එක මට ගොඩක්‌ වටිනවා.



No comments:

Post a Comment

- වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටත් හර්නියා රෝගය වැළදෙන බව ඔබ දන්නවාද..?

හර්නියා යනු වැඩිහිටි පුරුෂයන්ට පමණක් හැදෙන රෝගයක් කියලයි බොහෝ දෙනෙක් සිතන්නේ. ඒත් සත්‍යය එය නොවෙයි. හර්නියා අලුත උපන් බිලිඳුන්ටත්, කාන්තා...